Dengue Fever - What You Need To Know in English

Dengue is a viral infection caused by four types of viruses (DENV-1, DENV-2, DENV-3, DENV-4) belonging to the Flaviviridae family. The viruses are transmitted through the bite of infected Aedes aegypti and Aedes albopictus female mosquitoes that feed both indoors and outdoors during the daytime . ඩෙංගු රක්ත පාත උණ නිවර්තන කලාපයන්හි ඇති කරන්නා වු රෝගීතත්වයකි.ය වයිරසයක් මගින් බෝවන රෝගයකි.මාංශ පේශි වල හා හන්දිපත් වල ඇතිවන ඉතා වේදනාකාරී තත්ත්වයන් නිසා මෙය ඇටකටු තලාපෙලා දමන උණ ලෙසද ප්‍රකට වේ. රෝග ලක්ෂණ ලෙස ක්ෂණිකව හටගන්නා තද උණ, තදබල හිසේ කැක්කුම, මාංශ පේශි වල හා හන්දිපත් වල රැදාව සහ සමෙහි ඇතිවන පැල්ලම් දැක්විය හැක.සමෙහි ඇති වන පැල්ලම් එයටම ආවේනික වූ දීප්තිමත් තද රතු පැහැති කුඩා පැල්ලම් වන අතර සාමාන්‍යයෙන් මෙය පළමුව කලවා වල හා පපු ප්‍රදේශයන්හි ඇතිවේ. ඇතැම් රෝගීන්ගෙන් මේවා මුළු සිරුරම වසාගන්නා ආකාරයට ව්‍යාප්ත වේ.තවද බඩෙහි ඇතිවන අම්ල ගතිය හා සම්බන්ධව බඩේ කැක්කුම ඔක්කාරය හා මලපහ බුරුලෙන් යාම ඇතිවිය හැක.ඩෙංගු රක්තපාත උණ රෝග ලක්ෂණ නම්,දින 2 - 7 දක්වා පවතින අධික උණ සම යට කුඩා රතු පැල්ලම්, විදුරු මස් වලින් ලේ ගැලීම, නාසයෙන් ලේ ගැලීම, කළු/දුඹුරු පැහැති වමනය හෝ මළ පහවිම (ආහාර ජීර්ණ පද්ධතිය තුළට ලේ ගැලිම නිසා), මුත්‍ර සමග ලේ පිටවීම අක්මාව ඉදිමීමෙන් වන අධික බඩේ වේදනාව ඇතිවිය හැක.ඩෙංගු කම්පන තත්වයේ රෝග ලක්ෂණ නම්,සුදු මැලි වීම, අත් පා සීතල වීම, නාඩි වැටීම වේගවත්විම, රුධිර පීඩනය අඩුවීම සිදුවිය හැක.වෛරසය ව්‍යාප්ත කරන මදුරු දෙවර්ගය නම් -ඊඩිස් ඊජිප්ටයි. ඊඩිස් ඇල්බොපික්ටස්. ඔවුන් වැඩිපුර දෂ්ට කරන්නේ දහවල් කාලයේය. ඩෙංගු වෛරසය කාණ්ඩ 4ක් දක්නට ලැබේ. එම වෛරස ඩෙංගු දර්ශක 1, 2, 3 හා 4 ලෙස වෛද්‍ය විද්‍යාවේ නම් කර ඇත. like us on facebook https://www.facebook.com/visiontalkvt


Post a Comment

0 Comments