Sinhala Podcast | anagathayata anagathayak 1 | ස්ත්‍රී දූෂණ කරන්න ලයිසන් දුන්නේ කවුද?


මේ ලියන්නේ තාරුණ්‍යයටයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, ප්‍රජාතන්ත්‍රවාදයත් කියන තරම් නැති සමාජවාදයත් කියන තරම් නැති “දියුණු වෙමින් පවතින රටක්”. ඔව් ! ඔය දියුණු වෙමින් පවතින කියන ලේබල් එක දැන් අවුරුදු 70 කට වඩා කාලයක් තිස්සේ කියනවා. නෑ ! මම මේ කියන්න හදන්නේ හැමෝම, හැමදාම රෙකෝඩින් එකක් වගේ කියවන කතාව නෙමෙයි. අපි පිළිගන්න අකමැති වුණත් නැතත් තත්ත්වය ඕකනේ. දැන් අපේ තාත්තත්, එයාගේ තාත්තත්, අද මමත්, බෝහෝ විට මගෙන් පස්සේ එකෙකුත් කියන්නේ එක ම කතාවක් ! “අපි දියුණු වෙමින් පවතින රටක්” ! ඕකට වඩා කතාවක් අපි කාටවත් නැහැ. එක ම කතාව ආයේ ආයේ.... ආයෙමත් ආයෙත් අපි දිගට ම කියනවා. කව්ද වැරදි කාරය? ඛඔඔෑ ත්‍රස්තවාදය? , ජේ.ආර් ගේ විවෘත ආර්ථිකේ? , රාජපක්ෂ පවුලේ වංචා? , මහ බැංකු හොරකම්? , නැත්නම් අර දියවන්නාව මැද්දේ තියෙන පාර්ලිමේන්තුවේ ඉන්න 225 ද? රට කෑව ඔය කාලනන්නි 225 ම පොළොව පලාගෙන යන්න කියලවත් කියමු ද? එහෙම කියද්දි මට දෙයක් හිතෙනවා. ඔබටත් එහෙම හිතෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. මොන වගේ ද ? නිකන් බෝලේ පාස් කරනවා වගේ එකක් ! එහෙම හිතෙන්නැද්ද? ඔය කියන හැමදේට ම වැරදි පාර්ලිමේන්තුවේ 225 ම නම් වුන්ව පත්කළේ පිටසක්වලින් ඇවිල්ලා ද? ඔබ අපි ම නේද? පාලකයෝ ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටුවකට මායිම් නො කර නීතියේ යුවතියගෙන් කඩුවයි, තරාදියයි පැහැරගෙන “මෙහාට දියං. අපි ම ඕක කරගන්නම්” කියද්දි ඇස් වහගෙන හිටියේ අපිමයි නේද? ඒ දේශපාලුවන්ව ආයෙත් පාර්ලිමේන්තුවට යැව්වේ අපිමයි නේද? හොරාකාපු දේශපාලුවෝ අතට ම අහුවෙලා හිරේ ගිහින්, නිදහස් වෙලා එළියට එද්දි රතිඤ්ඤා පත්තු කරලා , කිරිබත් කාලා, මල් මාලා දාලා, ප්‍රීති ඝෝෂා කළේ අපිමයි නේද? එකී නොකී මෙකී කිසිදෙයක් කරන්න පිටසක්වලින් ආවේ නෑනේ එහෙම !! Podcast - https://ift.tt/2YrDyEi Music - https://ift.tt/1R9NTfT Subscribe - http://bit.ly/2MPwqih Like Us - https://ift.tt/38NhyXH Website - https://ift.tt/2vjg8X0 දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න Vision Talk subscribe කර සීනු ලකුන ඔබන්න

Post a Comment

0 Comments