කොල්ලා බූට් එක තිබ්බද?-Inspirational Short Story sinhala


පෙම්වතාගෙ හදිසි වෙස් පෙරළීමකදී ඔබ ක්‍රියා කළ යුතු ආකාරය සරළව මුල සිට..🤓 මෙහි මුල් අදියර කෙසේද යත් ආරම්භයේදී සුදු නෝනා පසුව සුදූ , උඹ , තමුසෙ , තෝ , වදේ , කරුමෙ , බැල්ලි , පර බැල්ලි , වේ$ යනාදී වශයෙන් ක්‍රමික විකාශනයකට බඳුන් වේ.. සුද්ද සිංහලේ හොඳම වචනයෙන් ඔහු ඔබව අමතන විට ඔබ අනිවාර්යයෙන් සුදු මහත්තයා වැනි වචනයක් භාවිතා කළහොත් අනිවාර්යයෙන්ම ඔබට පෙම්වතා කොර කළ හැක. එවිට ඔහුගේ අභිප්‍රාය වන ඔබේ කට අවුස්සාගැනීමේ උත්සාහය අසාර්ථක වී ඔහුගේ සැලසුම කඩාකප්පල් වෙනු නිසැකය.🤓 පෙම්වතාට ඔබව අත හැර ගැනීමට අවශ්‍ය වූ විටදී නිතර සමාජ මාධ්‍ය වල ඔන්ලයින් සිටීම ඔවුන්ගේ පොදු රහස් සැලසුමකි. ඔවුන් ඉන් බලාපොරොත්තු වෙන්නෙ ඔබව උසි ගැන්වීමයි. " තමුසෙ හැමතිස්සෙම ඔන්ලයින් කා එක්කද බල්ලො චැට් කරන්නෙ " යනුවෙන් ඔබ ඔහුව ආමන්ත්‍රණය කරනු දැකීම ඔවුන්ගෙ සැලැස්මේ පළමු අදියරයි.. " යකෝ පෝන් එක මගෙ.. ඩේටා දාන්නෙ මම. මට ඕනෙ වෙලාවට මම ඔන්ලයින් ඉන්නවා තමුසෙට මොකද.. මම තමුසෙ කියන කියන විදියට නටන්න තමුසෙගෙන් කාලා ඇඳලා ඉන්නවද... මට මගෙ පාඩුවේ ඉන්ඩ දීපන් කරුමයක් වෙන්න එපා..." යන සාම්ප්‍රදායික වදන් පෙළ ඊළඟට ඔහු ඔබ හමුවේ තබනු ඇත. ඔහුගේ එම ළදරු ළාමක සැලැස්ම අඩාල කිරීමට නම් ඔබ ඔහු ඔන්ලයින් සිටින සෑම අවස්ථාවකම ඒ පිළිබඳව නොවිමසා එය නොදැක්කා සේ බලවත් ආදරය පෑ විට ඔහුගේ එම ප්‍රයත්නයද අඩාල වනු ඇත.🤓 පෙම්වතාගේ ඊළඟ උත්සාහය වනුයේ ඔබට මාට්ටු වන පරිදි බුකියේ සක්කරවට්ටම් වලට හාට් රියැක්ට් කිරීම හා පැණි කමෙන්ට් දැමීමයි. ඔබ ඊටද " අනා ස්වීට් ගර්ල් නෝහ්.... #Inspirational #ShortStory #sinhala

Post a Comment

0 Comments