Wadimal Oya අළුත්ම එක - අක්කියෙක්ට ලව් කරොත් අවුල් වෙයිද්


වැඩිමල් කෙල්ලෙක් කියන්නෙ මීට ටික කාලෙකට කලින් සමාජයට අසම්මතයක් වගේ වුනාට දැන් සමාජයට නං ඒක ඒ හැටි ගානක් නෑ, ආදරයට වයස ප්‍රශ්නක් නෑ කියන තැන ‍ගොඩක් දෙනෙක් ඉන්නවා. ඒ නිසා කෙල්ල අවුරුදු කිහිපයකින් වැඩිමල් වුනු ලවු අපිට දකින්න පුළුවන් දැන් ඕනතරං. මේ කියන්න යන්නෙ ඒ විදියට වැඩිමල් කෙල්ලෙකුට ලවු කරද්දි මුහුණ දෙන්න වෙන වාසි සහ අවාසි. හැබැයි කොහොම වුනත් අපේ ඕවර්ඕල් මතය නම් මෙහෙම ලවු ෂෝක් කියන එක තමයි. මුලින්ම එක්ස්පීරියන්ස් අක්කෙකුට තියෙනවා. එක්ස්පීරියන්ස් එකක්,...සාමාන්‍යයෙන් නංගිලා එක්ක වගේ මුල පිරීම සිද්ධ කරන්න කොල්ලට සිද්ධ වෙන්නෙ නෑ, අක්කලාත් මුලපිරීම ගන්න අවස්ථා තියෙනවා. කොල්ලො ඒකට කැමතියි. අන්න ඒ නිසා තමුන්ට වඩා වැඩිමල් සහ එක්ස්පීරියන්ස් තිබීම අක්කෙකුගෙ ලොකුම වාසියක් විදියට දක්වන්න පුළුවන්. ලව් කරන්නත් කලින් ලව් ඇත්තටම බාල ගෑනු ළමයෙක් එක්ක ආදරේ කරද්දි මුල් කාලය පුරාම එයාගෙන් සුන්දර වචනයක් ගන්න ලොකු කට්ටක් කන්න වෙනවා. ඒත් අක්ක කෙනෙක් ලව් කරන්නත් කලින් ඉඳන්ම මල්ලිලට ආදරය කරනවා වගේම කොල්ලො කැමතිම විදියට හුරතල් වීම සහ හුරතල් කිරීම සිද්ධ වෙනවා. නෝටස් මොනවාද මේ නෝට්ස් පුංචි කාලේ ලව් කිරිල්ලටත් උඩින් අපිට තියෙන ප්‍රශ්නෙ තමයි නෝට්ස් කියන්නෙ. ඉතිං අක්කා කෙනෙක් කියන්නෙ අනිවාර්යෙන්ම අපිට කලින් ඒ දේවල් ඉගෙනගත්තු කෙනෙක් නිසා ලව් කරන අතරෙම නෝට්ස් ටිකත් ගොඩ යනවා වගේම, ආදරේ අස්සේ සැර කරලා ඉගෙනගන්නත් අපිව පෙළඹෙනවා. තව උයන්ඩ කියන්න කිය කිය ඉන්නැතුව කෙලින්ම ගින්නක් නැතුව උයන්න දැන සිටීමත් අක්කලගෙ හොඳක්. ඒ නිසා ලව් කරන කාලය අතරතුර තමන්ගෙ පෙම්වතිය උයපු දෙයක් කන්න පෙම්වතුන් විදියට මල්ලිලාට චාන්ස් එක ලැබෙනවා. ඒ කම කොච්චර දෙයක්ද? අපි මේ හැමදේම කරන්නෙ බඩ වෙනුවෙන්නෙ. නොටි වැඩ අක්කලාත් එක්ක බැලුවාම සමවයස් හෝ නංගි කෙනෙකුට නං මුල්ම ආදර සම්බන්ධය පටන්ගනිද්දි අපිට නෝටි වැඩ ටික උගන්නලාම තමයි ගේම් එකට එන්ටර් වෙන්න සිද්ධ වෙන්නෙ. ඒත් අක්කලා කිසිම ප්‍රශ්නයක් නැතුව ලැබුනු එක්ස්පීරියන්ස් මත නෝටි වැඩත් දන්නා නිසා මල්ලිලාට ආදරේ කන්ටිනියු කරගෙන යන්න ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නෙ නෑ. ටිකක් බය හිතෙනවාද ඇත්තටම මෙතනටත් බලපාන්නෙ අක්කලා සතු එක්ස්පීරියන්ස් එක. මේ නිසා එයාලා ගාව ගොං පාට් අඩුයි. අනී මටා බයායි… ඒ මොකද්ද ඒ… ඇයි අපි මෙහෙ ආවේ වගේ හිර වෙන ප්‍රශ්නවලට අක්කලා ගාවදි උත්තර දෙන්න වෙන්නෙ නෑ. අන්න ඒ නිසා කොල්ලෙක් අක්කෙක් එක්ක ආදරේ කරන්න හොඳටම කැමතියි. දැන් ඉතිං නිකමට හිතන්නකො. සමවයසෙ කෙල්ලෙකුයි කොල්ලෙකුයි පාරෙ යද්දිම උන් දෙන්නා ගැන අවුල් දේවල් හිතනවනේ. ඒත් අක්කයි මල්ලියි වුනාම තත්ත්වෙ වෙනස්. කවුරුත් මුලින්ම සැක කරන්න පටන් ගන්නෙ නෑ. අන්න ඒකම මේ ලව් එක ෂේප් එකේ කරගෙන යන්න හොඳ උදව්වක්. මේ වගේ සබඳතාවල වාසි අවාසි ගත්තොත් ඉතින් මුලින්ම හොඳ රැකවරණයක් ලැබෙනවාද ? , මෙන්න මේක තමයි වැඩිමල් කෙල්ලෙක් ඉන්න එකේ තියෙන ප්‍රමුඛතම වාසිය. ඇයි ඉතිං එයාට හොඳ ඉවසීමක් තියෙනවා. අන්න ඒ නිසා ප්‍රශ්නයක් මගහරවන්න කරන්න ඕන මොකද්ද කියන දේ එයා එක්ස්පීරියන්ස් වලින්ම දන්නවා. සමහරවිට එයාට මීට කලින් එයාගෙ වයසෙ පෙම්වතෙක් ඉඳලා තියෙන්නත් පුළුවන්. එහෙමනං එයා දන්නවා ගානට ඔයාව මැනේජ් කරන්න. ආයෙ ඉතිං අම්ම ලඟ ඉන්නව වගේ තමයි. හිතේ ප්‍රශ්න කොහෙන් ගියාද නෑ. මැචුවර්ඩ් පිළිතුරු සහ ගයිඩන්ස් මෙන්න මේකත් හොඳ තත්ත්වයක්. සමවයසෙ හෝ තමුන්ට බාල ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම ලැබෙන උත්තරවලට වඩා සිරා ‍ප්‍රැක්ටිකල් උත්තර මෙයාලා ගාව තියෙනවා. ඒ වගේම මෙයාලා ස්වභාවයෙන්ම කොල්ලව පොඩි එකෙක් විදියට දකින නිසා මෙයාලා කොල්ලව ගානට මැනේජ් කරනවා. ඒක කොල්ලගෙ අනාගතේට, වෘත්තිය ජීවිතයට, ආර්ථිකයට වගේම පර්සනැලිටියිටත් ෂෝක්. සමාජයට බය නං බය නෑ , මෙන්න මේකත් ඍජු තැනක්. දැන් සාමාන්‍යයෙන් අපි එදිනෙදා මුහුණ දෙන සමාජයේ සෙට් වෙන ප්‍රශ්න ටිකක් තියෙනවානෙ. සාමාන්‍යයෙන් තමුන්ට වඩා බාල කොල්ලෙක් එක්ක යාළු වුනාම කෙල්ලෙකුට අමුතු ගැම්මක් එනවා. අන්න ඒ ගැම්ම නිසාම එයා සමාජයේ පොදු මතය බැහැර කරන, රැඩිකල් එහෙත් ඩිප්ලොමැටික් කැරැක්ටර් එකක් වෙනවා. කාටවත් කරදරේකුත් නෑ, යටත් වෙන්නෙත් නෑ, කියන දේ අහන්නෙත් නෑ. නරකක් කරන්නෙත් නෑ වගේ ටයිප්. මේක මාර සිරා තත්තවයක් බව එහෙවු කෙල්ලෙකුට ලවු කරපු කොල්ලො මොනිටරේ උඩ අත තියලා දිවුරාවි. අම්මා වීමට දරණ උත්සාහයක් මෙන්න මේක නිතර තියෙන තත්ත්වයක්. අපි අම්මට කොච්චර ආදරේ වුනත් අපේ අම්මා අපේ ජීවිතේට හැම තිස්සෙම ඇඟිලි ගහන විදියට කිසිම පුතෙක් ආසා නැහැනෙ. අන්න ඒ අවුල මෙතනදි දරුණුවට පැණ නගිනවා වගේම මේ වගේ කපල් අතර වලි යන ප්‍රධානම හේතුව වෙන්නෙත් ඒක. කෙල්ල හිතනවා තමුන් හැමදේම දන්නවා සහ කොල්ලා තමන්ට යටත්ව සිටිය යුතු වග. අන්න ඒක මත ඉඳගෙන කොණ්ඩෙ වැඩියෙන් වැවුවත් ගුටි කන්න වෙන සෝචනී‍ය ඉරණමක් තමයි කොල්ලට අයිති වෙන්නෙ. සමාජයෙන් එන කතා ගොඩක් අහන්ඩ ලැබෙනවා.ගෙදරින් වගේම අවට සමාජයෙන් මෙහෙම ලවු එකක් ගැන එන කතා එච්චර හොඳ ඒවා නෙමෙයි. අන්න ඒ වගේ තතත්ත්වයකදී සාමාන්‍ය ලවු එකකට අහන්න වෙන කතා ප්‍රමාණයට වඩා සිවු ගුණයක් විතර අවුල් දේවල් මේ ලවු එක සම්බන්ධයෙන් ඔයාට අහන්න සිද්ධ වෙනවා එයාගෙ යාළුවො මැද තමුන් පොඩි එකා වීම.කොල්ලගෙ හැම ගැදරින් එකකටම කෙල්ල නොආවට කෙල්ලගෙ හැම ගැදරින් එකකටම යන්නට කොල්ලට සිද්ධ වෙනවා. ඒක තමයි වැඩිමල් එකක් බැඳපුවාම තත්ත්වෙ. ඒක හරියට නිකං අම්මා දරුවව ඔෆිස් අරං යනව වගේ සීන් එකක්. දැන් මේකෙදි ගොඩක් වෙලාවට අනිත් පිරිමි හිටියත් උණුත් තමුන්ට වඩා හෙන වැඩිමල් වීම සහ තමුන්ට අන්තිමට ඉතුරු වෙන ගෑනු ගොඩත්, තමුන්ට වඩා වයසින් වැඩි වීමේ ප්‍රශ්නය පැණ නගිනවා. ඇත්තටම ඉතිං මෙහෙම තැනකදි ෆේස්බුක් එකේ උඩටයි පහලටයි යනව ඇරෙන්න වෙනිං කරන්න දෙයක් නෑ.... මේ ගැන ලියනවානං මීට වඩා ගොඩක් දේවල් ලියන්ඩ පුලුවන් මේක නිකන් ටිකක්ම ටිකක් විතරයි..... (Shanu)

Post a Comment

0 Comments