බෝම්බ පුපුරන බව දැන දැනම ලඟම උන්ටවත් නොකියපු දේශපාලක බල්ලන්ට "එහෙයි. එහෙයි" කියන මොංගල් පුරවැසියො වෙනුවට උගත් සමාජයක් අපිට ඕන.

2009 පසුව නිදහසේ හුස්ම ගත්ත ජාතියක් ඌරු තෙල් සහ ඌරු හම් හරහා සිය ජීවිත ආරක්ෂා කරගැනීමේ තැනට පත් කල දේශපාලන නායකත්වය පිළිබඳව අප නිසි තීරණයකට එළඹෙන්න ඕන.


2009 වසරෙන් පස්සෙත් අඛන්ඩව මෙරට වැඩිම අයවැය ප්‍රතිපාදන වෙන් කලේ ආරක්ෂක අමාත්‍යංශයට වුනත් ඒ අරමුදල් නිසි ලෙස උපයෝජනය වූයේද යන ප්‍රශ්ණය බදුගෙවන ජනතාව තුල ඇතිවෙමින් තියෙනවා.
ආසියාවේ මෑත කාලීනව සිදුවූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය සිදුවී තිබියදී සහ තවත් ප්‍රහාරයන් එල්ල වන බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු හඟවා තිබියදී මෙරට කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල රැකියාවන් හී නිරත්වන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට නිවාඩු ලබාදී ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට තරම් නුවණක් හෝ උවමනාවක් රජයට නෑ.

දේශපාලකයින් ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාව දෙගුණ තෙගුණ කරගනිමින්, රටේ ජනතාවට සංසුන්ව සිටින ලෙස ඉල්ලා සිටීම කොයි තරම් නිර්ලජ්ජිතද කියන එක ඒ දේශපාලකයො තේරුම් ගන්නේ නෑ.

දේශපාලකයො ඉළඟ ජන්දෙන් ගෙදර යයි. ඒත් මේ අර්බුදයට වගකියන්න ඕන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මේ ලියන වෙලාවෙත් කිසි අවුලක් නැතුව තාම තනතුරේ ඉන්නවා.

2009 න් පසු රාජ්‍ය බුද්ධි සේවය සිය පෞද්ගලික දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් අපයෝජනය කරලා, ඒ සිදුවෙච්ච සිදුවීම් නිසා ඊට එරෙහි මහජන මතයක් නිර්මාණය වෙලා ආණ්ඩුවක් පෙරලුණ බව අපි මතක් කරගන්න ඕන.
ඊට පස්සේ ආව පර හැත්ත එ බලු වැඩ වලට අණ දුන්න මිනිස්සු අතෑරලා, අණ පිළිඅරගෙන ඕනෑම වෙලාවක ඥං පචං නොගා වැඩේ කරපු මිනිස්සුන්ව හිරේ දාලා දරු පවුල් පිටින් අනාථ කිරීමේ අවසාන ප්‍රතිපලය අපි භුක්ති විදිමින් සිටිනවා.
මම දන්න මහින්ද මහත්තයට මේ ප්‍රහාරය ගැන හිතේ කොනකවත් සතුටක් නොතිබුනට මහින්ද මහත්තයගේ ගෙදර කක්කුස්සි හොදපු එවුන්ට ජාතක වෙච්ච සමහරක් උන් "ලක්ෂ හැට දෙකක් ජන්දේ දීලා තොපි ඔය කරගත්තේ? දැන් සැපද?" කියලා අපෙන් අහනවා. තොපිට වඩා අපි මේ රටට ආදරේ හින්දා තමා මිනී මරණ ආණ්ඩුව ගෙදර යවලා යහපාලනේ ගෙනාවේ. ආපු උන් පොන්නයො කියලා දැනගත්තේ ටික කාලයක් ගියාට පස්සේ. ඊට කලින් ඒක දකින්න අපි උන් එක්ක නිදිවැදලා හිටියේ නෑනේ. දැන ගත්තනම් උන්ව ගේන්න වැඩ කරන්නෙත් නෑ. එහෙම ගෙනත් අපි ගත්ත කිසිම පෞද්ගලික වාසියකුත් නෑ.
ආණ්ඩු මාරුවෙනකොට ආරක්ෂක ප්‍රතිපත්ති මාරු නොවෙන රටක් අපිට ඕන. මරන්න ඕන එකා මරන්න පුලුවන් බලය තියන ස්වාධීන සන්නද්ධ බුද්ධි අංශයක් ඕන. පත්තර පඩංගු වල රටේ හමුදාවට විරුද්ධව පල් හෑලි ලියලා යුරෝපෙ සවාරි ගහන මාධ්‍ය වේසියො ටික කියන තාලෙට "එහෙයි එහෙයි" කියන මොංගල් පුරවැසියෝ වෙනුවට ඊශ්‍රායලේ යුදෙව් මිනිස්සු වගේ ඕන අර්බුදයක් මැද රට එක්ක එකට හිටගන්න මිනිස්සු ටිකක් අපිට ඕන. බෝම්බ පුපුරන බව දැන දැනම ලඟම උන්ටවත් නොකියපු දේශපාලක බල්ලන්ට "එහෙයි. එහෙයි" කියන මොංගල් පුරවැසියො වෙනුවට උගත් සමාජයක් අපිට ඕන.
මේ වෙලාවේ මේ අසරණකම මැද්දෙන්ම ජාතියක් විදිහට අපි අපේ රටේ අනාගතය ගැන බුද්ධිමත්ව හිතන්න ඕන. ඒ ගැන හිතලා වැඩ කරපල්ලා!
- ෂේන් මහේන්ද්‍ර ප්‍රියවික්‍රම -

Post a Comment

0 Comments